2024-09-04 17:05
"..ගතවෙන හැම තත්පරයක්ම හරිම කළුවරයි. හදිස්සියෙන් තැනින් තැන ඉටිපන්දම් එළි දැල් වී තිබුණද, එයින් සියල්ල හරි හැටි බලාගත නොහැකිය. මේ සැඳෑ සමය අද දවසේ අවසානය ද එසේ නැතිනම් ජීවිතයේ සැඳෑ සමයදැයි හරි හැටි වැටහෙන්නේ නැත. මා ගත කළ ජීවිතය ගැන මට පසුතැවීමක් ඇත්තේ නැත.එහෙත් පසුතැවීම් ඇති තැන් නැත්තේද නැත. ඒ සමහර පසුතැවීම් කළකිරීම් මට කියා දුන්නේ එක එක කාලවලදී ජීවිත ඇතුලාන්තයට එබුණු ඇතැම් මිනිසුන් ය. කොහොම වුණත් දැන් මා මානසික වශයෙන් නිදහස් ය. එය මා ඉදිරියට ද බලාපොරොත්තු වන්නකි. හුදකලාව ද අමුතුම කලාවකි. මා එහි බැඳී ඇත. මන්ද, තනිවුණු මිනිසුන්ට එහිදී ජීවිතය හමුවන නිසාවෙනි.
"..ඉතිං මං ආදරෙයි - සොඳුරු හුදෙකලාවට
ජීවිතය කියාදෙන - තනිවෙච්ච වෙලාවට.."
While writing Novel by- දිනේෂ් කේ. කුමාර