2024-12-22 09:42
අතරමඟ අහම්බෙන් හමුවු ඒ ආදරණීය ආත්මයට
ආදරයෙන් මෙසේ ලියමි....!❤
දෝතින්ම තුරුල්කර
ලඟ තබාගත නොහැකි නමුත්,
මගේ කතාවේ විශේෂ පරිච්ඡේදයක් වූ
නුඹ වෙනුවෙන්....
බලාපොරොත්තු ඇතිව හෝ රහිතව
හද පතුලේ නිදන් කල ප්‍රේමය
සදාකාලිකය....
මාව අවුලන මිනිසුන් දහසක් මැද
මාව නිවාලන
ඔයාට මං හරි ආදරෙයි....
ඔයා තරම් මේ ලෝකෙ කිසිම කෙනෙක්
මට මගේ ජීවිතේ ගැන ආදරයක් ඇතිකරේ නෑ
ඒ නිසා මේ බැඳීමට
ආදරේ කියන වචනේ මදි මට...
මම අදටත් දන්නේ නෑ
ඔයාට මගේ ආදරේ
කොච්චර දැනෙනවද කියලා...
ඒත් මීට කලින් කාටවත්ම
මේ තරම් ආදරේ කරලා නෑ
ඉතිං මං අන්තිමට ආදරේ කරන්නේ ඔයාට....
*ඉතින් ,*
*මා ආදරයෙන් ළෙංගතුව වැලඳගත්*
*අදටත් හමු වූ හොඳම හමුවීම*
*අවසාන තේරීම නුඹ බව පමණක් මෙසේ ලියා තබමි....!!* ❤️