2024-12-04 15:02
අපි හැමෝගෙම ජීවිතවල ඉන්න ඕනේ කිසිම බයක් නැතුව ඕනෙම දෙයක් කියන්න පුළුවන් කෙනෙක්..එයා කවදාවත් අපිව විනිශ්චය කරන්නෙ නෑ. අපිට ඕනෙ කරන හැම වෙලාවකදිම අපිත් එක්ක කොන්දේසි විරහිතව එයා හිටගන්නවා..අපි කියන හැම දෙයක් ම අහගෙන ඉඳලා බොහොම සාදාරණ උත්තරයක් දෙනවා.
එයාගෙ ඉස්සරහා අඬන එක , අපේ හිත් විවෘත කරන එක කවදාවත් ලැජ්ජාවට කාරණාවක් වෙන්නෙ නෑ..
ඉතින් එහෙම කෙනෙක් තමන්ගෙ ජීවිතේට හොයාගන්න.පුළුවන් නම් තවත් කෙනෙක් ට එහෙම කෙනෙක් වෙන්න..
මොකද ලෝකෙට " එහෙම මිනිස්සු " හරි අඩුයි! 🩵