2025-01-21 08:53
ඉතින් අවුරුදු ගානකට පස්සේ
අමර තනියම නයනව හොයනවා
ගල් ලෑලි ගල් කූරූ මැද්දේ
වැලි සෙල්ලම් බතක් ඉදෙනවා
"එහෙනම් ඔයා තාත්තා මම අම්මා"
දෙබස් අතීතයෙන් ඇහෙනවා
හිතවතුනි,
හැල්මේ දුවන මේ ජීවිතේ
අමර නයනා වගෙම අපිටත්
ඉස්සර මතක මග හැරෙනවා..
නයනා,
එන්න පුළුවන් දවසක ඇවිත් යන්න
සල් ගස යට මං බලාගෙන ඉන්නවා.
_දිමා❤️